
• විශේෂ ධර්ම දේශනාව •

“සැබෑ සතුට කරා යන මඟ” පිළිබඳ ධර්ම දේශනාව —
අතිපූජ්‍ය ලොන් පෝ අනන් ආකිඤ්චනෝ
ලොන් පෝ අනන් ආකිඤ්චනෝ (Luang Por Anan Akiñcano) තෙරුන්වහන්සේ සමඟ භාවනා සැසියකට සහ උන්වහන්සේගේ ධර්ම දේශනයක් ශ්‍රවණය සඳහා එක්වන්න.
අතිපූජ්‍ය ලොන් පෝ අනන් ආකිඤ්චනෝ හිමියන් පිළිබඳව

මුල් ජීවිතය සහ පැවිද්ද
අතිපූජ්‍ය ලොන් පෝර් අනන් ආකිඤ්චනෝ (Ven. Luang Por Anan Akiñcano) හිමියන් 1954 මාර්තු 31 වන දින මධ්‍යම තායිලන්තයේ සරබුරි නගරයේ අනන් චන්-ඉන් යන නමින් උපත ලැබීය.
කුඩා කල සිටම දෙමාපියන් සමඟ ප්‍රදේශයේ පන්සලට ගොස් පිරිත් සජ්ඣායනයට සහ භික්ෂූන් වහන්සේලාට වන්දනාමාන කිරීමට පුරුදු වූ උන්වහන්සේ, බුදුරදුන් සහ බුදුදහම කෙරෙහි ගැඹුරු ශ්‍රද්ධාවක් ඇති කර ගත්හ. අධ්‍යාපනය සාර්ථකව නිම කළ උන්වහන්සේ සියම් සිමෙන්ති සමාගමේ ගණකාධිකාරීවරයෙකු ලෙස සේවය ආරම්භ කළහ. කඩිසර සේවකයෙකු වුවද, බෞද්ධ ප්‍රතිපදාවට දැඩිව ඇදී ගිය උන්වහන්සේ තම විවේක කාලය ආසන්න ආරණ්‍යයක ගත කරමින් භාවනා පුහුණුවට යොමු වූහ.

අතිපූජ්‍ය ලොන් පෝ අනන් ආකිඤ්චනෝ හිමියන් පිළිබඳව
මුල් ජීවිතය සහ පැවිද්ද
අතිපූජ්‍ය ලොන් පෝර් අනන් ආකිඤ්චනෝ (Ven. Luang Por Anan Akiñcano) හිමියන් 1954 මාර්තු 31 වන දින මධ්‍යම තායිලන්තයේ සරබුරි නගරයේ අනන් චන්-ඉන් යන නමින් උපත ලැබීය.
කුඩා කල සිටම දෙමාපියන් සමඟ ප්‍රදේශයේ පන්සලට ගොස් පිරිත් සජ්ඣායනයට සහ භික්ෂූන් වහන්සේලාට වන්දනාමාන කිරීමට පුරුදු වූ උන්වහන්සේ, බුදුරදුන් සහ බුදුදහම කෙරෙහි ගැඹුරු ශ්‍රද්ධාවක් ඇති කර ගත්හ. අධ්‍යාපනය සාර්ථකව නිම කළ උන්වහන්සේ සියම් සිමෙන්ති සමාගමේ ගණකාධිකාරීවරයෙකු ලෙස සේවය ආරම්භ කළහ. කඩිසර සේවකයෙකු වුවද, බෞද්ධ ප්‍රතිපදාවට දැඩිව ඇදී ගිය උන්වහන්සේ තම විවේක කාලය ආසන්න ආරණ්‍යයක ගත කරමින් භාවනා පුහුණුවට යොමු වූහ.
පසුකාලීනව අටසිල් සමාදන් වෙමින්, දිනපතා උදෑසන භික්ෂූන් වහන්සේලාට දන් පිළිගන්වා රැකියාවට ගොස් සවස් කාලයේ ආරණ්‍යයට පැමිණ භාවනාවේ නිරත වූහ. තම ජීවිතය බුදුදහමට කැප කිරීමට තීරණය කළ උන්වහන්සේ පැවිදි බිමට පත්වීමට අධිෂ්ඨාන කර ගත්හ.
1975 ජූලි 3 වන දින ලොන් පෝ චා (Most Ven. Ajahn Chah) මහා තෙරුන් වහන්සේ යටතේ පැවිදි උපසම්පදාව ලබා, "කනස්සල්ලෙන් තොර තැනැත්තා" යන අර්ථය ඇති "අකිඤ්චනෝ" යන පාලි නාමය ලැබූහ.
ලොන් පෝ චා මහා තෙරුන් වහන්සේ යටතේ පුහුණුව
ලොන් පෝ චා හිමියන් 1918 දී උපත ලබා වයස අවුරුදු 20 දී පැවිදි විය. 1946 දී වනගත භික්ෂු ජීවිතය ආරම්භ කරමින් දුෂ්කර භාවනා ප්රතිපදාවක නිරත වූහ.
ලොන් පෝ මන් මහා තෙරුන්වහන්සේ ඇතුළු ශ්‍රේෂ්ඨ වනගත ආචාර්යවරුන් ආදර්ශයට ගනිමින් වසර ගණනාවක් දුෂ්කර වනාන්තරවල භාවනා කළ ලොන් පෝ චා ස්වාමින්වහන්සේ පසුව ලොව පුරා ප්‍රචලිත වූ වට් නොං පා පොං ආරණ්‍යය පිහිටුවූහ.
වට් නොං පා පොං ආරණ්‍යයේදී ලොන් පෝ අනන් ස්වාමින්වහන්සේ, ලොන් පෝ චා මහා තෙරුන් වහන්සේගේ සමීපතම උපස්ථායකයා ලෙස කටයුතු කරමින් භාවනාව, විනය සහ ධර්මයේ ප්‍රායෝගික භාවිතය පිළිබඳ සෘජු මඟපෙන්වීම් ලැබූහ.
ලොන් පෝ චා හිමියන් වහන්සේ සතිය, සරල බව, විනය සහ සිත විමර්ශනය කිරීම අවධාරණය කරමින් සෘජු හා ප්‍රායෝගික ලෙස ධර්මය දේශනා කළ අතර, උන්වහන්සේගේ ඉගැන්වීම් ලොව පුරා භාවනා මධ්‍යස්ථාන දක්වා ව්‍යාප්ත විය.
ලොන් පෝ අනන් (Luang Por Anan) හිමියන්ගේ ධර්ම ප්‍රතිපදාව
වට් නොං පා පොං හි මුල් වසර හතර ගත කළ ලොන් පෝ අනන් හිමියන් පසුව තම ආචාර්යවරයාගේ මඟපෙන්වීම මත ඊසාන් (Isan) ප්‍රදේශයේ වනාන්තරවල සහ මධ්‍යම තායිලන්තයේ ඝන කැලෑවල වසර පහක් පුරා චාරිකා කරමින් දැඩි දුෂ්කරතා, වනසතුන්ගේ උපද්‍රව සහ මැලේරියා රෝගාබාධ මධ්‍යයේ භාවනා ප්‍රතිපදාව ගැඹුරු කළහ.
වට් මාප් ජාන් (Wat Marp Jan) ආරණ්‍යය පිහිටුවීම
1984 දී උන්වහන්සේ තවත් භික්ෂූන් දෙනමක් සහ සාමණේර හිමිනමක් සමඟ රෙයොං පළාතේ ඝන වනාන්තරයක අද වන විට "Wat Marp Jan" (සඳ එළියෙන් බැබළෙන කඳුකර ආරණ්‍යය) ලෙස හැඳින්වෙන ආරණ්‍ය සේනාසනය පිහිටුවූහ.
පසුගිය දශක කිහිපය තුළ Wat Marp Jan ලොව පුරා භික්ෂූන් සහ ගිහි සැදැහැවතුන් ආකර්ෂණය කරගත් ප්රමුඛ පෙළේ භාවනා මධ්‍යස්ථානයක් බවට පත්විය.
වර්තමාන ඉගැන්වීම් සහ ලෝක ව්‍යාප්ත සේවය
Ven. Luang Por Anan හිමියන් භාවනාවේ සහ සතියේ මූලිකාංග පැහැදිලි කරමින් විවිධ පසුබිම්වල සිටින අයට තේරුම් ගත හැකි අයුරින් ධර්මය දේශනා කිරීමට ප්‍රසිද්ධය. උන්වහන්සේගේ ඉගැන්වීම් Ven. Ajahn Chah හිමියන්ගේ සම්ප්රදාය ඉදිරියට ගෙන යයි.
අද වන විට වත් Wat Marp Jan හි ප්‍රධාන අනුශාසක ලෙස කටයුතු කරන උන්වහන්සේ ඕස්ට්‍රේලියාව, බ්‍රසීලය, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක අන්තර්ජාතික ශිෂ්‍ය පිරිසකට මඟ පෙන්වති.
අවංක ප්‍රතිපදාව, සතිය, මෛත්‍රිය, ප්‍රඥාව සහ විමුක්තිය කරා සිත පුහුණු කිරීමේ වැදගත්කම උන්වහන්සේගේ ජීවිතයෙන් සහ ඉගැන්වීම්වලින් මනාව පිළිඹිබු වේ.
වැඩසටහනට ඇතුළත් වන්නේ:
වැඩසටහන් විස්තර
අතිපූජ්‍ය ලොන් පෝ අනන් ආකිඤ්චනෝගේ ඉගැන්වීම් සොයා බලන්න
වැදගත් තොරතුරු
අතිපූජ්‍ය ලොන් පෝ අනන් ආකිඤ්චනෝ ස්වාමින්වහන්සේ විසින් පවත්වනු ලබන ප්‍රධාන ධර්ම දේශනාව තායි භාෂාවෙන් පැවැත්වෙන අතර, එහි ඉංග්‍රීසි පරිවර්තනය ද ඔබට ලැබේ. ශ්‍රී ලාංකික සැදැහැවතුන් බොහෝ දෙනා සිංහල භාෂාවෙන් ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පුරුදු වී සිටින බව අපි දනිමු. එබැවින් මෙම ධර්ම දේශනාවේ සිංහල පරිවර්තනයක් ලබා දෙනු ලැබේ.
සහභාගිවන්නන්ගේ පහසුව සඳහා කුෂන් සහිත පුටු සපයා ඇත.
ඔබගේ ස්ථානය වෙන්කර ගැනීමට කරුණාකර මාර්ගගත ලියාපදිංචිය සම්පූර්ණ කරන්න.
ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය සඳහා ප්‍රවේශය මාර්ගගත ලියාපදිංචි ක්‍රියාවලිය හරහා පමණක් පාලනය කෙරේ.
සතිමත් සන්ධ්‍යාවකට අප සමඟ එක්වන්න
අතිපූජ්‍ය ලොන් පෝ අනන් ආකිඤ්චනෝ සමඟ ධර්මය, භාවනාව සහ අර්ථවත් මෙනෙහි කිරීම සඳහා එක්වන්න.



